උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සාමාන්‍යයෙන් බඩ (උදරය) මැද හරියේ වරින්වර ඇති වී නැතිවන වේදනාවක් සමගින් ආරම්භ වේ. පැය කිහිපයකදී, වේදනාව උදරයේ පහළ දකුණු අත පැත්තට, එනම් උණ්ඩුකපුච්ඡය සාමාන්‍යයෙන් පිහිටන ප්‍රදේශයට ගමන් කර, ඒකාකාරී හා උග්‍ර බවට පත්වේ. මෙම ප්‍රදේශය තද කිරීම, කැස්ස හෝ ඇවිදීම වේදනාව උග්‍ර වීමට හේතු විය හැකිය. ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇත්නම්, ඔබට පහත දැක්වෙන ආකාරයේ රෝග ලක්ෂණද පැවතිය හැක. එනම්:

  • අසනීප ගතියක් දැනීම (ඔක්කාරය)
  • අසනීප වීම
  • ආහාර අරුචිය
  • මල බද්ධය හෝ පාචනය
  • ඉහළ ශරීර උෂ්ණත්වයක් හා රතු වූ මුහුණක්

වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

ඔබට ක්‍රමයෙන් උග්‍ර වන උදරයේ වේදනාවක් පවතී නම්, වහාම වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත යන්න.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සමහර වෙනත් තත්ත්ව සමග පහසුවෙන් පටලැවීමට පුළුවන, උදා:

කාන්තාවන්ගේ, උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට සමාන රෝග ලක්ෂණ වලට සමහර විට නියමිත ස්ථානයෙන් පිට වැඩෙන කළල (ectopic pregnancy), ඔසප් වේදනාව හෝ ශ්‍රෝණි ප්‍රදාහක රෝගය (PID) වැනි නාරිවේදීය (gynecological) හේතුවක් තිබිය හැක. නමුත් දිගටම පවතින උදරයේ වේදනාවකට හේතු වන ඕනෑම තත්ත්වයක් සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. ඔබට එකවරම උග්‍ර වී උදරය හරහා පැතිරෙන වේදනාවක් පවතී නම් හෝ ඔබේ වේදනාව නැවත උග්‍ර වීමට පෙර තාවකාලිකව අඩුවෙයි නම්, ගිලන් රථයක් කැඳවන්න. ඔබේ වේදනාව මඳකට නැති වී ගොස් නැවත දැඩි ලෙස ඇති වේ නම්, උණ්ඩුකපුච්ඡය පැලී යාමක් සිදුවී තිබිය හැක. උණ්ඩුකපුච්ඡය පැලී යාම, උදරයේ ඇතුල් ආවරණ ස්ථරයේ බරපතල ආසාදන තත්ත්වයක් වන උදරච්ඡද ප්‍රදාහයට (peritonitis), හේතු විය හැක.